History

History of ZICTEC PELMADULLA

The center is established under Ministry of Education and curriculum is prepared by NIE in 1999. At the beginning center was equipped with 10  computers built with  P1 processors   with a server driven network. The Operating system was windows 95. The center started its training with the two instructors appointed by the zonal Education office. 



ව්‍යාපෘති ආරම්භය

1983 දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ පාසල් කිහිපයක උසස් පෙළ සිසුන් සඳහා පරිගණකය විෂය හදුන්වා දෙමින්  ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුලට මෙම විෂය  හඳුන්වා දීමට මුලපිරීය. 1992 වසර දක්වා පාසල් 350ක පමණ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන තව දුරටත් ඉදිරියට ගෙනයමින් පරිගණක සම්පත් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට තීරණය විය. මේ යටතේ පරිගණක සම්පත් මධ්‍යස්ථාන 300ක් දිවයින පුරා ආරම්භ කිරීමට යෝජනා කෙරින. මෙම සියලු කාර්යයන් සඳහා ජාතික අධ්‍යාපන ආයතනය හා එවකට ජාතික අධ්‍යාපන ආයතනයේ තොරතුරු තොරතුරු තාක්ෂණ දෙපාරතමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ තුමා වන නැසීගිය කේ. ඒ. වී කරුණානායක මහතා මූලික විය. මෙම පරිගණක සම්පත් මධ්‍යස්ථාන සංකල්පය යටතේ 1983 අග භාගයේදී ගුරු සේවයේ යෙදී සිටි ගුරුභවතුන්ගෙන් තෝරාගත් පිරිසකට ජාතික අධ්‍යාපන ආයතනය මගින් පරිගණක උපදේශක පුහුණුව ලබා දෙන ලදී.

 පළමුව ආරම්භ කළ මධ්‍යස්ථාන
වර්ෂ 1984දී ශ්‍රී ලංකාවේ පළාත් 08ක් ආවරණය වන පරිදි කලාපීය පරිගණක සම්පත් මධ්‍යස්ථාන 08ක් ප්‍රථම වරට පිහිටුවන ලදී. එම මධ්‍යස්ථාන පහතින් දැක්වේ.
1)මොණරාගල ප්‍රාදේශීය පරිගණක සම්පත් මධ්‍යස්ථානය - මො / මහානාම විද්‍යාලය, මොණරාගල. 
2)දියතලාව  ප්‍රාදේශීය පරිගණක සම්පත් මධ්‍යස්ථානය -  බ/ කහගොල්ල ජාතික පාසල, දියතලාව. 
3)නුවරඑළිය ප්‍රාදේශීය පරිගණක සම්පත් මධ්‍යස්ථානය -  නු/ ගාමිණී ජාතික පාසල, නුවරඑළිය. 
4)ගලහිටියාව ප්‍රාදේශීය පරිගණක සම්පත් මධ්‍යස්ථානය -  ග/ ගලහිටියාව මධ්‍ය විද්‍යාලය, ගලහිටියාව. 
5)තංගල්ල ප්‍රාදේශීය පරිගණක සම්පත් මධ්‍යස්ථානය -
6)කැකිරාව ප්‍රාදේශීය පරිගණක සම්පත් මධ්‍යස්ථානය - අ/ කැකිරාව මධ්‍ය විද්‍යාලය, කැකිරාව.
7)අනුරාධපුර  ප්‍රාදේශීය පරිගණක සම්පත් මධ්‍යස්ථානය -  අ/ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර. 
8)රුවන්වැල්ල  ප්‍රාදේශීය පරිගණක සම්පත් මධ්‍යස්ථානය - කැ/ රාජසිංහ මධ්‍ය විද්‍යාලය, රුවන්වැල්ල.



0 comments :

Post a Comment

News
Closing date for applications for First batch 2017
16/01/2017
Courses will start at -17/01/2017

Certificates of 2016 second batch can be collected Now!

Popular Posts

Recent Posts

Text Widget

Powered by Blogger.
Copyright © PELMADULLA ZICTEC | Powered by Blogger
Design by Viva Themes | Blogger Theme by NewBloggerThemes.com