services

කලාපීය පරිගණක සම්පත් මධ්‍යස්ථාන මගින් සිදුකරන ලද සේවාවන්


1) මේ වන විට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග වලට පෙනී සිටි සිසු සිසුවියන් දහස් ගණනකට පරිගණක සාක්ෂර තාවය ලබාදී ඇති අතර එයින් බොහෝ පිරිසක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්භන්ධ වී රටේ සංවර්ධනයට දායක වී ඇත. 
2) ද්වීතීක අධ්‍යාපන අංවර්ධන ව්‍යපෘතිය මගින් රජයේ පාසල් වල ආරම්භ කරනු ලැබූ පරිගණක ඉගනුම් මධ්‍යස්ථාන - CAL (Computer Learning Centre) සඳහා ගුරු භවතුන් පුහුණු කිරීම. 
3) GEP2 ව්‍යාපෘතිය යටතේ රජයේ පාසල් වල ආරම්භ කරනු ලැබූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) මධ්‍යස්ථාන සඳහා ගුරු භවතුන් පුහුණු කිරීම. 
අ. පො. ස. උසස් පෙල සාමාන්‍ය තොරතුරු තාක්ෂණ - GIT  (General Information Technology) විෂය සඳහා ගුරු භවතුන් පුහුණු කිරීම. 
4) උපාධිධාරීන් හතලිස්දාහක්  සඳහා රැකියා ලබා දීමේ රජයේ ව්‍ය‍පෘතිය යටතේ ඔවුන්ට පරිගණක සාක්ෂරතාවය ලබා දීමේ කටයුතු සිදුකිරීම. 
5) අ. පො. ස සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (O/L ICT) විෂය සඳහා ගුරුභවතුන් පුහුණූ කිරීම. 
6) යොවුන් සේනාංක  සඳහා දායකත්වය ලබා දීම. 
7) රට දිනවන විශිෂ්ඨයෝ වැඩසටහනට දායක වීම. 
8) ද්වීතීක අධ්‍යාපන අංවර්ධන ව්‍යපෘතිය මෙහෙයවූ  ICDL පාඨමාලා පැවැත්වීම. 
9) ජාතික අධ්‍යාපන ආයතනයේ මෙහෙයවීම මත CAL, ICT, GIT, O/L ICT සහ A/L ICT පාඨමාලා වෙනුවෙන් විෂය නිර්දේශ සකස් කිරීම. 
10) ජාතික අධ්‍යාපන ආයතනයේ මෙහෙයවීම මත GIT. O/L ICT සහ A/L ICT පාඨමාලා වෙනුවෙන් නිපුණතා පාදක ඉගැන්වීම යටතේ ගුරු ‍මාර‍ගෝපදේශ සංග්‍රහ සකස් කිරීම. 
මේ වන විට කලාපීය පරිගණක සම්පත් මධ්‍යස්ථාන, ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණය ප්‍රචලිත කිරීම වෙනුවෙන් පුළුල් කාර්ය භාරයක් ඉටු කරමින් සිටින අතර, තමන් විසින්ම නඩත්තුවන රට තුල ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනයකි.

0 comments :

Post a Comment

News
Closing date for applications for First batch 2017
16/01/2017
Courses will start at -17/01/2017

Certificates of 2016 second batch can be collected Now!

Popular Posts

Recent Posts

Text Widget

Powered by Blogger.
Copyright © PELMADULLA ZICTEC | Powered by Blogger
Design by Viva Themes | Blogger Theme by NewBloggerThemes.com